Tuesday, March 03, 2026
Follow Us
ATM යන්ත්‍රය කඩා මුදල් කොල්ලකෑමට තැත් කළ දෙදෙනකුට වැඩ වරදී

පොලිස් විමර්ශන වලදී හෙළිවූ දේ


රාජගිරිය සුපිරි නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සවිකර ඇති , ATM යන්ත්‍රය තියුණු ආයුධයක ආධාරයෙන් කැඩීමට උත්සාහ දරන අයුරු එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබේ.

කෙසේ වෙතත්, ATM යන්ත්‍රය කඩා එහි තිබූ මුදල් සොරා ගැනීමට නොහැකිවී ඇති බවටයි වාර්තා වන්නේ.

යන්ත්‍රයට වූ හානිය මෙතෙක් ගණනය කර නොමැති අතර, සිද්ධියට සම්බන්ධ කෝට්ටේ නගර සභාවේ කම්කරුවෙකු ඇතුළු දෙදෙනෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි අයිස් මත්ද්‍රව්‍යයට දැඩි ලෙස අබ්බැහි වූ දෙදෙනෙකු බව ද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්කඩේ අංක හතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැලිකඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා.

(Aruna)