Monday, March 02, 2026
Follow Us
අද සවස් කාලයේදී වෙන දේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්


දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යම, දකුණු, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල අද (25) උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දන්වා සිටිනවා.

(Aruna)