Monday, March 02, 2026
Follow Us
අගරදගුරු හිමිපාණන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

කෙරවලපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු නිව්ෆෝට්‍රස් සමාගමට පවරාදීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ශ්‍රේෂඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එම සමාගමට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාදීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මගින් උන්වහන්සේලා ඉල්ලීමක් කර තිබෙනවා.

මේ පෙත්සම මගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා, නිව් ෆෝට්‍රස් අමෙරිකානු සමාගම ඇතුළු 54 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

(Neth)