Monday, March 02, 2026
Follow Us
බිම් මට්ටමේ ආසාදිතයින්ගේ වර්ධනයක් - යළි අහඹු කොරෝනා පරීක්ෂණ අරඹයි

බිම් මට්ටමේ කොරෝනා ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බැවින් අහඹූ කොරෝනා පරීක්ෂණ යළි ආරම්භ කිරීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ සංචරණ සීමා සහ සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදිම මෙවැනි තීරණයක් ගැනීමට හේතු වූ බවයි.

පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක ආකාරය පිළිබදවද සෑහීමකට පත්විය නොහැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)