Monday, March 02, 2026
Follow Us
කාදිනල් හිමිපාණන්ගෙන් රජයට යළි සිහිකැඳවීමක්

කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් චෝදනාවක්


පාස්කු කොමිසමේ නිර්දේශ බොහොමයක් මේ වනතෙක් රජය ක්‍රියාත්මක කර නොමැති බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ‘පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම මැයෙන්’ ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සහ ගරු සිරිල් ගාමිණී පියතුමන්ද එක්වුණා.

ඊට ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 300ක් පමණ පමණ ද සම්බන්ධ වී තිබෙනවා.

(Aruna)