Monday, March 02, 2026
Follow Us
දෛනික කොවිඩ් රෝගීන් 674ක්. සමස්තය 530,000 ආසන්නයේ. දෛනික PCR 7000 මට්ටමේ

ඊයේ (14) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 674ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 673 දෙනෙකු සහ විදේශයක සිට පැමිණි එක් අයෙකු වශයෙනි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 529755ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ මෙරට සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 7069ක් වන අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 3474ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දක්වන්නේ.

(LNW)