Monday, March 02, 2026
Follow Us
දෑත් පිරිසිදුකාරක පානය කළ ඉරාන රැඳවියන් දෙදෙනෙක් මරුට : තවත් 10ක් රෝහලේ

දෑත් පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙනු ලබන විෂබිජනාෂක දියර පානය කරනු ලැබු ඉරාන ජාතික රැඳවියන් දෙදනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසරිස් (පාලන) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටිනවා.

එලෙස හෑන්ඩ් සැනිටයිසර් පානය කළ තවත් ඉරාන ජාතික රැඳවියන් 10 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ චෝදනා මත කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම සිරකරුවන් සඳහා මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලය විසින් ලබාදුන් හෑන්ඩ් සනිටයිසර් එලෙස පානය කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

(Neth)