Monday, March 02, 2026
Follow Us
ගැබිණි මව්වරුන්ගේ කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන දිනපතා සිදුකරන්නැයි ඉල්ලීමක්

ගැබිණි මව්වරුන් සඳහා කාලසටහනට අනුව කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක නොකර එය දිනපතා ක්‍රියාත්මක කරන්නැයි නාරි හා ප්‍රසව රෝග විද්‍යායතනය සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව ගැබිණි මව්වරුන් සඳහා ප්‍රධාන රෝහල්වල දිනපතා කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

අවුරුදු 20 ත් 29 ත් අතර සහ අවුරුදු 18 ත් 20 ත් අතර වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන් ගැබ් ගැනීම් සතියකට 250 ක් පමණ සිදුවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)