Monday, March 02, 2026
Follow Us
කාන්තාවන් අට දෙනකුගෙන් එක් අයකුට පියයුරු පිළිකාවක්

මෙරට කාන්තාවන්ගෙන් 27%කට පියයුරු පිළිකා


මෙරට සෑම කාන්තාවන් අටදෙනෙකුගෙන් එක් අයෙකුටම පියයුරු පිළිකාවක් වැලඳී ඇති බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත් පැවැසුවාය.

ඊයේ (11 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

එසේම මෙරට කාන්තාවන්ගෙන් සියයට විසිහතකටම (27%) පියයුරු පිළිකා වැලඳී ඇති අතර පියයුරු පිළිකා සහිත කාන්තාවන් හාරදහස් පන්සියයක් නවතම දත්ත මගින් හදුනාගෙන ඇත. පියයුරු පිළිකා වැඩි වශයෙන් වැලඳීම සිදුවන්නේ අවුරුදු හතලිස් පහත් හැටපහත් අතර (45-65) වයස් කාණ්ඩයේ කාන්තාවන්ට වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට හැත්තෑවකි.

(Aruna)