Monday, March 02, 2026
Follow Us
පාන් රාත්තලක මිලත් රුපියල් 05කින් ඉහලට

11 මාධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රෑම් 450හේ පාන් රාත්තලක මිල රුපියල් 05කින් ඉහල දැමීමට සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහල දමන්නේ නම් පාරිභෝගිකයා අසීරුතාවයකට පත් නොකර සාධාරණ මිලක් නියම කරන ලෙසයි එම සංගමය බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කළේ.

ගෑස්, තිරිගු පිටි , කිරිපිටි ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහල නැංවීම හේතුවෙන් ආපනශාල හිමියන්ද සිය නිෂ්පාදනවල මිල ඉහල දැමීමට අද තීරණය කළා.

ඒ අනුව කිරිතේ, කොත්තු සහ බත් පැකැට්ටුවක මිල රුපියල් 10කින් වැඩි කිරීමට තීරණය කළ බවයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ.

(Neth)