Monday, March 02, 2026
Follow Us
ඉන්ධන මිල ඉහළ දමන්නැයි ඉල්ලීමක්

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන බැවින් ඉන් මිදීම සඳහා ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බව එම සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

" අගෝස්තු 31 වෙනිදා වෙන විට ඛණිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබනවා. මෙම පාඩුව මගහරවා ගන්න නම් අප පළමුව සිදුකළ යුතු දේ වන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමයි. මම ඇමතිතුමාගෙන් මේ ගැන අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටියා" යැයි සභාපතිවරයා කියා සිටියා.

(Neth)