Monday, March 02, 2026
Follow Us
රටම බය ගන්වමින් මතුවූ පුපුරන ද්‍රව්‍ය තොගය

මීරිගම ප්‍රදේශයේ හසුවූ දේ


මීරිගම ප්‍රදේශයේ නීතිවිරෝධී අයුරින් ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ එහි තිබී ග්‍රෑම් 130ක බරකින් යුත් වෝටර් ජෙල් කූරු 81 ක්, ඇමෝනියා නයිට්ටේ්‍රට් කිලෝග්‍රෑම් 75 ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 107ක් සහ සේවා නූල් මීටර් 360ක් හමුවූ බවයි.

අත්අඩංගුවට ගත් 39 හැවිරිදි සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(Aruna)