Monday, March 02, 2026
Follow Us
දෛනික කොවිඩ් රෝගීන් 726ක්. සමස්තය 525,000 පසුකරයි. දෛනික PCR 5800 මට්ටමේ

ඊයේ (09) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 726ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සියලු දෙනාම අලුත් අවුරුදු පොකුරෙන් හඳුනාගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 525663ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ නිවේදනය කරන කොවිඩ් මරණ සංඛ්‍යාව 29ක් වන අතර ඒ සමග මෙරටින් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13296ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල දත්ත අනුව ඊයේ දිනයේදී මෙරට PCR පරීක්ෂණ 5853ක් සිදුකර ඇති අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3178ක් සිදුකර ඇත.

(LNW)