Monday, March 02, 2026
Follow Us
පුරප්පාඩු හැට දහසට බඳවා ගන්නේ දහඅටදාහයි

පුරප්පාඩු හතළිස් දෙදහසකට වෙන්නේ කුමක්ද?


ගුරු පුරප්පාඩු හැටදහසක් ඇති බව පැවසූ ආණ්ඩුව ගුරුවරුන් දහඅටදහසක් පමණක් සේවයට බඳවා ගන්නේ නම් ඉතිරි පුරප්පාඩු හතළිස් දෙදහසට සිදුවන්නේ කුමක්දැයි රජය පැහැදිලිව කිව යුතු බව රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය පවසයි.

එක් කණ්ඩායමකට රැකියා ලබා දීම වෙනුවෙන් තවත් රැකියා විරහිත කණ්ඩායමකගේ අවස්ථාවන් අහිමි කිරීමට ඉඩ ලබා නොදිය යුතු බව මෙම මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය පැවසුවේය.

ඔහු පැවසුවේ සෙසු පුරප්පාඩු පිළිබඳ ආණ්ඩුව තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවය. එම පුරප්පාඩු හැටදහසෙන් දහඅටදහසක් පමණක් සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම අසාධාරණ බව හෙතෙම පැවසීය.

(Aruna)