Monday, March 02, 2026
Follow Us
සයිනොෆාම් එන්නත ගෙන රට යන්න ඉන්න අයට දැනුම්දීමක්

ලාංකික ශ්‍රමිකයන් රට යන්න කරන්න ඕන දෙයක් ගැන කියයි


සයිනොෆාම් මාත්‍රා දෙකම ලබාගෙන ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නත ලබා ගෙන පැමිණෙන ලෙස කටාරය හා සෞදි අරාබිය දැනුම් දී තිබේ.

මැදපෙරදිග සහ යුරෝපා රටවල රැකියා සඳහා යාමේදී ෆයිසර් එන්නත ලබා ගැනීම අනිවාර්ය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කරයි.

විදෙස් රැකියා සඳහා පිටත්ව යාමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20,000 කට ආසන්න වන අතර ඒ අතරින් මුල් අදියරේදී 8000කට ෆයිසර් එන්නත ලබා දී තිබේ.

(Aruna)