Saturday, October 17, 2026
Follow Us
සෞඛ්‍ය අවදානම පෙන්වද්දීත් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති රටපුරා උද්ඝෝෂණයට සැරසෙයි

සිය වැටුප් ගැටළුවට විසඳුම් ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කර තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ අධ්‍යාපන කොට්ඨාශ 312 ක් පදනම් කර ගනිමින් මෙම උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක කරන බවයි.

කෙසේවෙතත් සෞඛ්‍ය අංශ පවසන්නේ මේ මොහොතේ මහජන ඒකරාශීවීම් සිදු කරමින් උද්ඝෝෂණ සංවිධාන කිරීම සුදුසු තත්ත්වයක් නොවන බවයි.

(Neth)