Monday, March 02, 2026
Follow Us
රාජ්‍ය ආයතනවලට පැමිණෙන මහජනතාව පාලනය කරගන්න : සෞඛ්‍ය අංශ ඉල්ලීමක්

විවිධ සේවාවන් ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය ආයතන වෙත මහජනතාව වැඩි වශයෙන් පැමිණෙන ආකාරක් මේ දිනවල දක්නට ලැබෙනවා.

කෙසේවෙතත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව වැඩි වශයෙන් එක්රැස් නොවන අයුරින් එම ආයතන පවත්වාගෙන යාමට වගකිව යුතු අංශ කටයුතු කළ යුතු බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

ආදායම් බලපත්‍ර, රජයේ විවිධ ගාස්තු වැනි කටයුතු සඳහා යම් සහන කාලයක් ලබාදී ආයතන තුළ ඇතිවන තදබදය මගහැරවීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(Neth)