Monday, March 02, 2026
Follow Us
බස් අවුල ලිහන්න ලංගමයෙන් තවත් උත්සයක් - දුම්රිය ධාවනය සති 02 කින් කල් යයි

මේ වනවිට ධාවනයේ නොමැති එහෙත් මීට පෙර පළාත් අතර ධාවනය වූ ලංගම බස්රථ අද සිට අදාළ පළාත තුළ පමණක් ධාවනය සඳහා එක් කිරීමට ප්‍රවාහන බලධාරීන් තීරණය කර තිබෙනවා.

පෞද්ගලික බස්රථ සේවකයින් බොහෝ පිරිසක් එම සේවාවලින් ඉවත් වී ඇති බැවින් පොදු ප්‍රවාහන සේවා දැඩි අර්බුදයකට මුහුණ පා තිබීම සැලකිල්ලට ගෙනයි එම තීරණය ගෙන ඇත්තේ.

මේවනවිට කිසිඳු දුම්රියක් ධාවනය නොවන අතර කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සඳහා එම පියවර ගෙන ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

කෙසේවතත් දුම්රිය ධාවනය යලි සක්‍රීය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තවත් සති 02 කින් පමණ අදාළ පාර්ශව දැනුම්දීමක් සිදුකරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)