Monday, March 02, 2026
Follow Us
විවිධ ආබාධ සහිත දරුවන් 6,000කට කොවිඩ් එන්නත ලබාදී අවසන්

අවුරුදු 12 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන ආබාධ සහිත දරුවන් 6,000 කට පමණ මේවනවිට ෆයිසර් එන්නත ලබාදී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල පවසනවා. එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය පැවසුවේ එන්නත ලබාදුන් කිසිඳු දරුවෙකුට මේ දක්වා සංකූලතා ඇතිනොවූ බවයි.

මීට පෙර දෛනිකව කොරෝනා ආසාදිත ළමුන් 25 දෙනෙකු පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණු අතර මේවනවිට එම සංඛ්‍යාව 03 දෙනෙකු පමණ දක්වා අඩුවී ඇති බවයි රෝහල් අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)