Monday, March 02, 2026
Follow Us
අද කාලගුණයේ සිදුවන වෙනස

ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි


අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්

සෙසු ප්‍රදේශවල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවද දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ, දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළඟේ වේගය විටින්විට පැ.කි.මී. 50 දක්වා වැඩිවිය හැකියි.

(Aruna)