Monday, March 02, 2026
Follow Us
යොහානි ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට

යොහානිගේ ගීත විඩියෝවකුත් එළියට


සංචාරක ප්‍රවර්ධනය සඳහා ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා යොදාගැනීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව ලබන වසරේ (2022) ජනවාරි මස පැවැත්වෙන ‘‘එක්ස්පෝ 2020 ඩුබායි’’ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයදා ඇයගේ ගීත වීඩියෝවක් එළිදැක්වීමට සැලසුම් කර තිබේ. සංස්කෘතික විවිධ ප්‍රසංගයක් ද ක්‍රියාත්මක කෙරේ.

‘‘මැණිකේ මගේ හිතේ” ගීතය මුදාහැරීමත් සමග යොහානිද සිල්වා ඉන්දියාවේ මෙන්ම මැද පෙරදිග ද සමාජ මාධ්‍ය ආකර්ෂණයට බඳුන් වූවාය.

එම නිසා ශ්‍රී ලාංකික සංචාරක ව්‍යාපාරය සඳහා විශිෂ්ට සන්නාම සබඳතාවක් ඇති කිරීමට ඇය තෝරාගැනීමට තීරණය කළ බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි. ඩුබායි ප්‍රදර්ශනය සඳහා ඇය නිර්මාණය කර එළිදැක්වීමට නියමිත ගීතයට රුපියල් මිලියන පහක් පමණ වැය වන බවද ගණන් බලා ඇත.

(Aruna)