Monday, March 02, 2026
Follow Us
ශ්‍රී ලංකන් ගුවන් සේවය එළඹෙන 07 වැනිදා නැවතත් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සේවය එළඹෙන ඔක්තෝබර් 07 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

ඒ අනුව සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම පසුගිය ජූලි 07 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී සිදු කරන ලද විමර්ශනයන්ට අදාලව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් කෝප් කමිටුව වෙත එවා ඇති වාර්තාවට අදාල කරුණු සාකච්ඡා කිරීමටද නියමිතය. ඒ සඳහා කමිටු සාමාජිකයන්ගේ විශේෂ රැස්වීමක් ලබන 05 වැනිදා පැවැත්වීමට නියමිත බවද
සභාපතිවරයා පැවසීය.

එළඹෙන 6 වැනිදා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කෝප් කමිටුව හමුවට පැමිණීමට නියමිතව තිබේ.
නියමිත සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව අවශ්‍ය නිලධාරීන් මාර්ග ගත ක්‍රමය ඔස්සේ ද සම්බන්ධ කොට ගෙන එළඹෙන සතියේ කෝප් කාරක සභා රැස්වීම් පැවැත්වීමට සැලසුම්කොට ඇති බවද සභාපතිවරයා තවදුරටත් පැවසීය.

(news.lk)