Monday, March 02, 2026
Follow Us
ගුරු දිනයදා ගුරුවරු යළිත් පාරට !

ඔක්තෝබර් 06 වැනිදාට යෙදෙන ගුරු දිනයේදී ගුරු-විදුහල්පති අරගලය තවදුරටත් ව්‍යාප්ත කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පවසනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 312 පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ගුරුවරුන් සූදානමින් සිටින්නේ.

ගුරුවරුන් පාසලට ගෙන්වා ගැනීමට නම් වැටුප් විෂමතා ගැටලුවට ස්ථිර විසඳුමක් ඉදිරිපත් කළයුතු බවත්, කුමන බාධා පැමිණියද අරගලය අතරමග නතර කිරීමට ගුරුවරුන් සූදානම් නොමැති බවත් ස්ටාලින් මහතා අවධාරණය කරනවා.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

(LNW)