Saturday, October 17, 2026
Follow Us
පහන්තුඩාවේ අසභ්‍ය වීඩියෝවේ යුවළට සිරදඬුවම්

ප්‍රසිද්ධියේ රතිකෙළියේ යෙදවූ යුවළට ලැබුණු දඩුවම මෙන්න

රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට එක් කිරීම හේතුවෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන අධි චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ යුවලට මාස 3ක සිරදඩුවමක් අධිකරණය විසින් නියම කර තිබේ.

එම යුවල වරද පිළිගැනීමෙන් පසුව බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ට රුපියල් 10,800 ක දඩයක් සහ මාස තුනක සිර දඬුවම් නියම කර එය වසර 07කට අත්හිටුවීමට බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කර ඇත.

ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් සහ මහරගම ප්‍රදේශයේ 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට මෙම දඬුවම නියම කර තිබේ.

(Aruna)