Monday, March 02, 2026
Follow Us
සීනි ආනයනයට ඉඩ

සීනි ආනයන තහනම මාස 3න් ඉවරයි


සුදු සිනි ආනයනය කිරීමට අද (30)සිට අවසර ලබාදී ඇති බව ආනයන – අපනයන පාලක ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය පවසයි

ඒ සඳහා ණයවර ලිපි විවෘත කිරීමටද පහසුකම් සලසා ඇති බව ඇය සඳහන් කළේය.

මාස 3 ක කාලයක් සීනි ආනයනය කිරීම තහනම් කර තිබුණි.

මේ අතර හෙට(01) සිට දින 10 ක් ඇතුළත කොළඹ වරාය භාරයේ දැනට පවතින සීනි කන්ටේනර් 81 ක් වරායෙන් නිදහස් කර ගත යුතු බවට ආනයනකරුවන්ට දැනුම් දී ඇති බව ලංකා සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.

(Aruna)