Monday, March 02, 2026
Follow Us
30ට වැඩි පිරිසේ දෙවන මාත්‍රාව ඉදිරි සතිය තුළ

වයස අවුරුදු 30ට වැඩි ඛාණ්ඩයේ පිරිසෙන් කොරෝනා මර්දන එන්නත පළමු මාත්‍රාව මේ වනවිට ලබාගෙන ඇති පුද්ගලයින් ඉදිරි සතිය තුළ එහි දෙවන මාත්‍රාව ලබාගැනීමට කටයුතු කළයුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සදහන් කළේ කිසිදු එන්නතක් ලබාගෙන නොමැති පුද්ගලයින්වේ නම් වහාම එන්නත ලබාගැනීමට කටයුතු කිරීම අතිශ්‍ය වැදගත් බවයි.

මේ අතර අමෙරිකාවේ නිෂ්පාදිත “ ෆයිසර් ” එන්නත් මාත්‍රා ලක්ෂ 4 ක් අද පෙවරුවේ දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මේ දක්වා දිවයිනට එක් වරකදී රැගෙන ආ වැඩිම ෆයිසර් එන්නත් මාත්‍රා තොගය මෙයයි.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ක්වැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් තොගය ලැබුණු බවයි. මීට සමාන තවත් එන්නත් තොගයක් හෙට දිනයේද ලැබීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළා.

(Neth)