Monday, March 02, 2026
Follow Us
මුව ආවරණ නිසා ශ්වසන රෝගවල අඩුවීමක්

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුවද මුව ආවරණ පැළඳීම ශ්වසන රෝගවලින් මිදීම සඳහා හේතුවක් වනු ඇති බව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ වායු දූෂණය හෘද රෝග ඇතිවීමට හේතුවක් වන බවයි.

තහවුරු කළ හැකි සාධක නොමැති නමුත් කොවිඩ් වසංගත සමයේ මුව ආවරණ පැළඳීම හේතුවෙන් හදිසි හෘදයාබාධ ඇතිවීම අවම වී ඇතැයි දෛනික කටයුතුවලදී පැහැදිලි වන බවද විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

(Neth)