Monday, March 02, 2026
Follow Us
රට සාමාන්‍ය පත්කර ගැනීම ජනතාවගේ වගකීමයි - විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

රට සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු පුරවැසියන් වගකීම් රැසක් ඉටුකළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. එන්නත් නොගත් පුද්ගලයින් කඩිනමින් එන්නත් ලබා ගැනීම මෙන්ම එන්නත් ලබාගත් පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම ද ඒ සඳහා වැදගත් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඉදිරියේදී රට විවෘත කිරීමෙන් පසුව ද ජනතාව වගකීමෙන් කටයුතු කළහොත් කඩා වැටී ඇති මෙරට ආර්ථිකය ගොඩනැගීමට ද එය පිටුවහලක් වනු ඇති බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)