Monday, March 02, 2026
Follow Us
යොහානි බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනය අරඹයි

මැණීකේ මගේ හිතේ ප්‍රති නිර්මාණ ගීතයෙන් ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික ගායන ශිල්පිනී යොහානි ද සිල්වා බොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයේ පසුබිම් ගායනයට පිවිස තිබෙනවා.

ඒ, ඉදිරියේදී තිරගත වීමට නියමිත “ෂිද්දත්” චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කරමින්.

එම ගීතය සහිත වීඩියෝව “ටී සීරීස්” ලේබලය යටතේ ඇයගේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ එළිදක්වා තිබෙනවා. මෙම ගීතය යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයට එක්කර පැය 07 ක් ගත වනවිට නැරඹුම්වාර පන්ලක්ෂ 64,000 ඉක්මවා තිබීම විශේෂත්වයක්.

(Neth)