Monday, March 02, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

අද වතුර කපන ප්‍රදේශ මෙන්න


විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ප්‍රධාන ජල නළ මාර්ගයට කන්දෙගෙදර ටැංකිය සහ උඩුගම ජල ටැංකිය සම්බන්ධ කිරීම හේතුවෙන් අද (29) දින පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජාල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දී තිබේ

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ උඩුගම, පළාපත්වල, දොස්තරවත්ත, දුංකළවත්ත, මකුලුගහරූපප, සාප්පුවත්ත, සමන්දාව, කිරිගල්පොත්ත, නිකවල B සහ C කොටස, මාතලේ මහා නගර සභා සිමාව, A – 9 මාර්ගය, තැන්න, උඩුපිහිල්ල, අලුවිහාරය, කලුදෑවල, කොටුවේගෙදර, කුඹියන්ගොඩ, මණ්දණ්ඩාවල, රත්තොට පාර, අගලවත්ත, පාරාවත්ත, කිවුල හා විහාරපාර වේ.

මේ හේතුවෙන් පරිභෝහිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටු වන බවත්, මෙම කාලය අතරතුර ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි

(Aruna)