Monday, March 02, 2026
Follow Us
කොවිඩ් සුවවූ දරුවන්ට ඇතිවන රෝගී තත්ත්වය

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ දරුවන් ගැන අවධානයෙන් ඉන්න


කොවිඩ් ආසාදනය වූ දරුවන්ට ඉන් පසුව ඇතිව රෝගී තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා (27) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ එවැනි දරුවන් පස්දෙනෙකු ඊයේ දිනයේදී රෝහල වෙත ඇතුළත් කළ බවයි.

වෛද්‍යවරයා සදහන් කළේ කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් පසු දරුවන්ගේ විවිධ අවයව වලට බලපෑම් ඇති කරන‌ රෝගී තත්ත්වයන් මේ වන විට වැඩිවී ඇති බවයි.
මෙම රෝගී තත්ත්වය දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද වැලදෙන බවට සොයාගෙන ඇති බව වෛද්‍යවරයා සදහන් කරයි.

ගර්භණී මව්වරුන්ට ද කොවිඩ් ආසාදනය වූ පසු අලුත උපන් බිළිදුන්ට මෙම රෝගී තත්ත්වය වැලදුනු අවස්ථා දක්නට ලැබුනු බව විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)