Monday, March 02, 2026
Follow Us
කබ්රාල්ට තවත් බාල්දියක් පෙරළෙයි

හිටපු ආණ්ඩුකාරයාගේ පෙත්සමත් යළි කැඳවයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත්කිරීමට එරෙහිව කීර්ති තෙන්නකෝන් විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම ට අමතරව සමගි ජන බලවේගය විසින් ද මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම නිවඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයට පත්කිරීම හා එම ධුරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මධ්‍යම හා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 7 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

(Aruna)