Sunday, March 01, 2026
Follow Us
බෝම්බ බියෛන් මීගමුවම ඇලලේ

නගරසභා සේවකයාගේ විමසිලිමත් කම නිසා පොලීසිය බෝම්බෙන් බේරෙයි


මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ කසළ බදුනක තිබී ජීව අත්බෝම්බ 02ක් හමුවී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ ඊයේ පස්වරුවේ කසළ ද්‍රව්‍ය එකතු කිරීමට පැමිණි නගර සභා සේවකයෙකු විසින් මෙම ජීව අත්බෝම්බ දෙක දැක ඇති බවයි.
අනතුරුව නගර සභා සේවකයින් විසින් ඒ බව පොලීසියට දැනුම් දී තිබේ.

එම අත්බෝම්බ මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.

මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ කසළ බදුනකට එම අත්බෝම්බ දෙක පැමිණි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.

මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Aruna)