Sunday, March 01, 2026
Follow Us
12 ට වැඩි නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට එන්නත් කිරීමේදී විශේෂ අධීක්ෂණයක්

වයස අවුරුදු 12 ට වැඩි නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම එම දරුවන් ප්‍රතිකාර ලබන විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ එම දරුවන්ට එන්නත් ලබාදීම සඳහා දරුවන් ප්‍රතිකාර ලබාගන්නා විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමුවිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අදාළ දරුවන් ප්‍රතිකාර ලබාගන්නා සායන මගින් ලබාගත හැකි බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)