Sunday, March 01, 2026
Follow Us
නිරෝධායනය අවසන් කර නිවසට පැමිණි රෝගීන් ගැන විමසිල්ලෙන්

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව සිට හෝ නිරෝධායන කාලසීමාව අවසන් කර නිවසට පැමිණි රෝගියෙකු පිළිබඳ නිරතුරු විමසිල්ලෙන් පසුවිය යුතු බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා.

එවන් රෝගියෙකු නිවස තුල නිරෝධායනය විය යුතු කාලසීමාව ද වෛද්‍යවරයෙකුගෙන් අසා දැන ගැනීම වඩාත් වැදගත් බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

කොළඹ ජාතික රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක පැවසුවේ එවැනි අයෙකු රැකබලා ගැනීම නිවසේ සිටින නිරෝගී පුද්ගලයෙකු විසින් සිදුකිරීම වඩාත් සුදුසු බවයි.

රෝගීන් විසින් ලබාදෙන කාල නිර්ණයන් ද රෝගය පිළිබඳ තේරුම් ගැනීමට වැදගත් වන බවයි විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

(Neth)