Sunday, March 01, 2026
Follow Us
කටුනායකට ආ ඊ-මේල් පණිවුඩයේ ඇත්ත හෙළිවෙයි

ප්‍රහාරයක් එල්ලවන බව පණිවුඩය ඇවිත් තියෙන්නේ ඇමෙරිකාවෙන්


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන් ලද ව්‍යාජ ඊමේල් පණිවුඩය මෙරටට ලැබී ඇත්තේ ඇමරිකාවේ සිට බව මෙතෙක් කළ විමර්ශන වලින් හෙළිවී ඇත.

බංග්ලාදේශ යුද හමුදාාවේ විශ්‍රාමික මේජර් වරයෙකුගේ විද්‍යුත් තැපැල් ගිණුමට අනවසරයෙන් ඇතුළු වී එම ව්‍යාජ ඊ-මේල් පණිවුඩය මෙරටට යොමුකර ඇති බවද අනාවරණය වී තිබේ.
එම හමුදා නිලධාරියාගේ විද්‍යුත් තැපෑලට ඇතුළු වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බවට ද හෙළිවී ඇත.

ඉන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළ තුළ පිපුරුමක් සිදුවීමට නියමිත බවට ඊ-මේල් පණිවුඩය ශ්‍රී ලංකාවට එවා ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් සිදුකෙරේ.

(Aruna)