Sunday, March 01, 2026
Follow Us
පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින් ගණන තවත් ඉහළට

මේ වන විට මෙරට පුද්ගලයින් එක්කොටි නව ලක්ෂ 68,195 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබෙනවා.

ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 12,813 දෙනෙකු සඳහා කොරෝනා මර්දන එන්නත ලබා දී තිබෙනවා. ඉන් පුද්ගලයින් 42,496 දෙනෙකු සඳහා ලබා දී ඇත්තේ කොවිශීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාවයි.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 22,430 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 41,619 දෙනෙකු සඳහා ඊයේ ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 4,210 දෙනෙකු සඳහා ඊයේ ලබා දුන්නා. එහි දෙවන මාත්‍රාව ඊයේ ලබා ගත් පිරිස් සංඛ්‍යාව 460ක්.

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 612 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 90 දෙනෙකුට ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.

(Neth)