Sunday, March 01, 2026
Follow Us
ඉන්දියාවේ යෝජනාව මහේල ඉවත දමයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටුයතු කරන්නැයි සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන පත් කිරීම සම්බන්ධයෙන් ද එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එහෙත් මහේල ජයවර්ධන එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉදිරියේදී ඔහු කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටීමත් මේ වන විටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමත් හේතුවෙන්. ඒ අනුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා යළිත් අනිල් කුම්බ්ලේ පත් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

(Neth)