Sunday, August 09, 2026
Follow Us
ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරු හෙට මහින්ද හමුවෙති

පසුගිය 03 වැනිදා ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනා හෙට (08) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කර තිබේ.

හෙට (08) උදෑසන 10.00ට මෙම හමුව සිදුවීමට නියමිතයි.

මේ අතර එම මුස්ලිම් මන්ත්‍රීවරුන් කණ්ඩායම ලබන සතියේ මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමට ද නියමිතයි.

(Lanka Leads)