Tuesday, July 08, 2025
Follow Us
හරීන් ප්‍රනාන්දු සොයා දෙන්නෙකුට අලියෙක් බරට තෑගි !

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීම සඳහා වෙහෙසුණු පුද්ගලයින් අතර ඉදිරියෙන්ම සිටි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ වනවිට ප්‍රධාන පෙළේ ප්‍රචාරණ කටයුතුවලින් මෑත්ව නිශ්ක්‍රීය වී සිටින බව වාර්තා වේ.

එජාප නියෝජ්‍ය නායක ධුරය තමන්ට ලබාදෙන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමක් සජිත් ප්‍රේමදාස විසින් ප්‍රතික්ෂේප කිරීම මීට හේතුවී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාස මහතාව අපේක්ෂකයා කරවීම සඳහා වැඩියෙන්ම ක්‍රියාකාරී වූ පුද්ගලයා ලෙස තමන්ට එජාප නියෝජ්‍ය නායකත්වය හිමිවිය යුතු හෙයින් එය ලබාදෙන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලීම් කර ඇතත් සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ එවැන්නක් කළ නොහැකි බවත් ඊට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නොහැකි වනු ඇති බවත් පෙන්වා දෙමින් ජනාධිපතිවරණය සහ ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කරන තෙක් ඉවසීමෙන් සිටින ලෙස දැනුම් දී ඇති අතර හරීන් ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙන් කළකිරීමෙන් යුතුව ප්‍රධාන පෙළේ ප්‍රචාරක කටයුතුවලින් මඳක් දුරස් වී කාලය ගත කරන බව ආරංචිමාර්ග පැවසීය.

 

මලික්, කබීර්, මංගල ත්‍රිත්වයත් කරළියෙන් ඉවතට

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාව අපේක්ෂකත්වය කරා ඔසවා තැබූ පක්ෂ ජ්‍යේෂ්ඨයින් ගණනාවක්ම මේ වනවිට ඔහුගේ වේදිකාවල දක්නට ලැබෙන්නේ නැත. මංගල සමරවීර, කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන තිදෙනාවම මෙසේ ප්‍රචාරණ ව්‍යාපාරයේ කටයුතුවලින් ඈත් කර තිබෙන බවක් පැහැදිලිවම පෙන්නුම් කෙරේ.

ප්‍රේක්ෂකාගාරය දෙස පමණක්ම නෙත් යොමු කරමින් ඊට පමණක් පිළිතුරු දීම නායත්වය නොවන බවත් ඡන්ද කාලයට පමණක් ගම මතක් වන සාම්ප්‍රදායික අවස්ථාවාදී දේශපාලකයාගේ භූමිකාවට අවතීර්ණ වීම යනු අවසානයක ආරම්භය බවත් දේශපාලනය කරන කවුරුත් සිහි තබාගත යුතුය.

(LNW)