Tuesday, July 08, 2025
Follow Us
සජිත්ට සහාය දෙන චන්ද්‍රිකාගේ ශ්‍රීලනිප සමුළුව අද කොළඹදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උපදේශිකා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිප සාමාජිකයින්ගෙන් සැදුම්ලත් "අපි ශ්‍රී ලංකා" සංවිධානයේ විශේෂ සමුළුව අද පස්වරු 02.00ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රීලනිප උපසභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඇතුළු ශ්‍රීලනිප සංවිධායකවරුන් රැසක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණයට එරෙහි ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් සමන්විත "අපි ශ්‍රී ලංකා" සංවිධානය මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සමඟ සජිත් ප්‍රේමදාස මහතාව ජයග්‍රහණය කරවීම සඳහා ගිවිසුම් ගතව සිටී.

විශේෂයෙන් පොහොට්ටුව ඉදිරියේ දණින් වැටී, ඔවුන්ගෙන් නින්දා අපහාස විඳිමින්, ප්‍රසිද්ධියේ හූ හඬ අසාගෙන වේදිකාවලින් පැන යමින් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන නිසා මෙන්ම පොහොට්ටුව ද දිගින් දිගටම ශ්‍රීලනිපය බාල්දු කිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරන නිසා බිම්මට්ටමේ ශ්‍රීලනිප සංවිධායකයින් දැඩි කලකිරීමෙන් පසුවේ. ඔවුන්ගේ සම්පූර්ණ සහාය ශ්‍රීලනිපය සුරැකීම සඳහා වන චන්ද්‍රිකා මැතිනියගේ සහ වෙල්ගම මහතාගේ වෑයමට හිමිව තිබේ.

(LNW)