Tuesday, July 08, 2025
Follow Us
සිසුන්ගේ ඉල්ලීම් 13යි TNA සජිත්ට සහාය දීමයි අතර කිසිම සම්බන්ධයක් නෑ - සම්බන්ධන්

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ජනාධිපතිවරණය පිළිබඳ සකස් කර තිබුණු ඉල්ලීම් 13 සහ දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ගත් තීරණය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

ඊයේ (04) කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිගින් දිගටම එල්ල කරන චෝදනාවලට පිළිතුරු ලබාදෙමිනි.

"ඉල්ලීම් පිළි අරන් සජිත් ප්‍රේමදාස මහතා ගිවිසුම් අත්සන් කරලා නෑ. දෙමළ ජාතික සන්ධානයේ සභාග පක්ෂ සහ අනෙකුත් නායකයින් සමඟ පක්ෂ නායකයා ලෙස මම ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කළා. ඒ අවස්ථාවේ ජනාධිපතිවරණයේදී අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්විය යුතුයි කියන මතයේ හැම දෙනාම හිටියා. වෙනත් කිසිම මතයක් ඉදිරිපත් වුණේ නෑ. ඒනිසා මෙය දෙමළ ජාතික සන්ධානය වශයෙනුත් තමිල් අරසු කච්චි සහ අනෙකුත් සභාග පක්ෂ ගත්තු තීරණයක්. ජනතාව ඉල්ලා සිටින්නේ එයයි." යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

(LNW)