Tuesday, July 08, 2025
Follow Us
හෙට සමුළුවට යන අයගේ ශ්‍රීලනිප සාමාජිකයන්ට එරෙහිව විනය පියවර - වීරකුමාර

හෙට (05) කොළඹදී පැවැත්වෙන බව කියන සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට සහභාගි වීමට කිසිදු අවසරයක් නොමැති බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි. යම් සාමාජිකයෙකු එම සමුළුව සඳහා සහභාගි වුවහොත් ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට පක්ෂය තීරණය කර ඇති බවද ඔහු සඳහන් කරයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය නමැති සංවිධානක් විසින් මෙම සමුළුව පවත්වන බවයි වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ. ශ්‍රීලනිපය සුරකින බව පවසමින් මේ සිදුකරන්නේ එජාපයේ කොන්ත්‍රාත්තුවක් බව පවසන ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශකවරයා ශ්‍රීලනිප සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි කුමන්ත්‍රණවලට හසු නොවන ලෙසයි.

ශ්‍රීලනිපය ආරක්ෂා කිරීම වෙනුවෙන් නිශ්චිත යාන්ත්‍රණයක් තිබෙන බවත්, ශ්‍රීලනිපය ආරක්ෂා කිරීම එජාපයේ න්‍යාය පත්‍රයට අනුව සිදුවිය යුතු නොමැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

(LNW)