ආරක්ෂාව තහවුරු කරන ආකාරයට , මේ රටේ ආර්ථිකය ශක්තිමත් කර , විශේෂයෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් තුලින් රැකියාවල් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
රාජපක්ෂ මහතා එසේ පැවසුවේ ගණේමුල්ල නගරයේ පෙරේදා (02) පැවැති පොදු පෙරමුණේ විජයග්‍රාහි ජනරැලියට සහභාගි වු අවස්ථාවේදීය .
මෙහිදී අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා, මේ රටේ ජාතික ආරක්ෂාව , ආර්ථිකය හා පන්සල ආරාක්ෂාවන ආකාරයට , පැහැදිලි වැඩ සටහනක් ඉදිරිපත් කරනවා. මේ වැඩසටහන පිළියෙල කළේ මේ රටේ සිටින බුද්ධිමතුන් , වෘත්තිකයින් , ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් සමග සාකච්ජා කොටයි. ගමත් සමග පිළිසඳරක් වැඩ සටහන යටතේ ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට පිලියම් යොදන වැඩ සටහනක් ඉදිරිපත් කොට තිබෙනවා. ඒ වැඩසටහන ප්‍රායෝගික වැඩ සටහනක්. එය ක්‍රියාත්මක කළ හැකි වැඩ සටහනක්. හුදෙක් මගේ ධුර කාලය ඇතුළත සියල්ලක්ම ඉටු කරනවා.
අපේ රටේ ප්‍රධාන ඉල්ලුම වී තිබෙන්නේ නිදහස් රටක් ලබාදෙන්න කියායි. මේ රටේ ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නොව නැවතත් ත්‍රස්තවාදය පැන නොනගින ආකාරයට කටයුතු කිරීමයි. මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිදු අවධානයක් සිදු කළේ නැති නිසා , ප්‍රමුඛත්වයක් ලබා නොදුන් නිසා , අපේ රටට නිදහස ලබාදුන් රණවිරුවන් , පොලිස් නිලධාරීන් , සිවිල් ආරක්ෂක බළකාය , බුද්ධි අංශ මේ සියලුදෙනාගේම මානසිකත්වය කඩලා දැම්මා.
අපි අන්තවාදීන් ත්‍රස්තවාදීන් ගැන සොයන්නත් , ඒ අය ගැන විමර්ශනය කරන්නටත් විශේෂ ඒකකයක් යොදනවා. විදේශීය බලවේගවලට මත අනුව වැඩ කරන ඇමති මණ්ඩලයක් ඉන්න මේ රජය , රණවිරුවන්ට , මානුෂික මෙහෙයුමට විරුද්ධ වුනු රාජ්‍ය නොවන ආයතනවල සමහර අයගේ බලපෑම් වලට යට වුනු ඇමති මණ්ඩලයක් ඉන්න මේ රජයට කිසිසේත්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන් හැගීමක් තිබුණේ නැහැ. අපේ රජය යටතේ ඒ ආරක්ෂිත වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා රණවිරුවන්ගේ මානසිකත්වය අභිමානයෙන් ගෙනත් ,නීතිමය වශයෙන් රට වෙනුවෙන් වැඩ කරන්න තීරණ ගන්න හැකියාව ලබාදී නැවතත් මේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා.‘ යැයි ඒ මහතා පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා, එදා රට ආරක්ෂා කළා පමණක් නොව සීඝ්‍ර දියුණුවක් ඇතිකළා. අධිවේගී මාර්ග , ගුවන් තොටුපල , වරායවල් , නගර සංවර්ධනය, දුම්රිය මාර්ග යන ව්‍යාපෘති විශාල වශයෙන් ආරම්භ කළා. මේ ව්‍යාපාර මේ රජය සම්පුර්ණයෙන්ම නවතා දැමුවා. වසර දෙකහමාරක් තුලදී . ඊට පසු නැවතත් ආරම්භ කරන්න පටන් ගත්තා . ඒ නිසා මේ ව්‍යාපාරවලට සම්බන්ධවු ව්‍යාපාරිකයන් ,කොන්ත්‍රාත්කරුවන් , සැපයුම්කරුවන් යන සියලු දෙනාගේම ව්‍යාපාර කඩා වැටුණා. කෘෂි කර්මාන්තය , වැවිලි කර්මාන්තය කෙරෙහි අවධානය යොමු කළේ නැහැ. රටේ ආරක්ෂාව නැතිවු නිසා සංචාරක කර්මාන්තය කඩා වැටුණා.
මේ අය දේශීය කර්මාන්ත කරුවන්ට ඉදිරියට ගෙනියන්න අනුබලයක් දුන්නේ නැහැ. විවිධ රටවලින් ලාබෙට විවිධ භාණ්ඩ ගෙනත් දේශීය කර්මාන්තකරුවා කඩා වැටුණා. මේ ආකාරයට මුළු ආර්ථිකයම කඩා වැටුණා. අපි ප්‍රතිපත්ති අනුව දේශීය ගොවියා ,දේශීය වැවිලි කර්මාන්ත කරුවා ආරක්ෂා කර ගත්තා . අපි අපේ රජයක් යටතේ දේශීය වැවිලි කරුවා ආරක්ෂා කරනවා. පිටරටින් ගෙනල්ලා ප්‍රති අපනයනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒවා සම්පුර්ණයෙන්ම නතර කරනවා. ඒ අනුව නැවතත් ගම්මිරිස් ,රබර් වැනි අපනයන බෝග ආරක්ෂා කර ගත යුතුයි. මේවායින් විදේශ විනිමය වැඩිකර ගත යුතුයි. රටේ ව්‍යාපාර සම්පුර්ණයෙන් කඩා වැටීම නිසා සංකීර්ණ බදු ක්‍රමයක් මේ අය ඉදිරිපත් කළා. දුෂණය ඇතිවුණා. ,ව්‍යාපාර ගෙනියන්න බැරිව අසුරු තත්ත්වයට පත්වී තිබෙනවා. අප සැහැල්ලු සරල භාවයෙන් යුතු බදු ක්‍රමයක් යොජනා කර තිබෙනවා.
විශේෂයෙන් වැට් බද්ද සියයට 7 දක්වා අඩු කරලා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය දියුණු කරනවා. ලෝක ආර්ථිකය ඉදිරියට ගිහින් තිබෙන්නේ තාක්ෂණය මුල්කරගෙනයි. තොරතුරු තාක්ෂණය ඔස්සේ රට ඉදිරියට ගෙනියන්න ඕන. මේ හරහා විදේශ විනියමක් ලබා ගැනීමට හැකිවන්නා සේම විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය කළ හැකියි. ඒ සඳහා තරුණ තරුණියන් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් දීර්ඝ කාලිනව හා කෙටිකාලීනව ක්‍රියාත්මක කරනවා. දීර්ඝ කාලිීනව අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වා දීලා 7 පංතියේ සිට ඉහළට දරුවන්ට නිපුණත්වයක් ලබාගන්න පුළුවන් ක්‍රමවේදයකට ගෙනියනවා.
කෙටි කාලීනව තරුණ තරුණියන්ට විසඳුමක් ලබාදිය යුතුයි. උසස් පෙළ සමත්වී විශ්ව විද්‍යාලයට ඇතුළත්වන දරුවන්ට , කලා අංශයෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත්වී උපාධිය අරන් රැකියාවක් කරගන්න බැරි අයට අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැයකරනවා. උසස් පෙළ සමත්වන සෑම දරුවකුටම විශ්ව විද්‍යාල අධ්‍යපනය ලබාදෙනවා. අනික් අයට කාර්මික හා තාක්ෂණය ලබාදෙනවා. තොරතුරු තාක්ෂණය යටතේ හොඳ රැකියා ලබා දීම සඳහා පුහුණු කරනවා. අප තුළ පැහැදිලි සැලැස්මක් තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග , ගම්පහ දිස්ත්‍රික් කැදවුම් කරු ලක්ෂ්මන් කුමාර , ගම්පහ නගරාධිපති එරංග එදිරිසිංහ, ප්‍රාදේශීය සභා සභාපති රංජිත් ගුණවර්ධන, පණ්ඩු බණ්ඩාරනායක , විජේදාස රාජපක්ෂ , සරණ ගුණවර්ධන, පීලික්ස් පෙරේරා මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන පක්ෂවල සාමාජිකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවුහ.
(Dinamina)