එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය හෝ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උතුරේ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් සමග රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රතිපත්ති හා එකඟවී නවීන සහ සංවර්ධිත ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා තමන් උතුරු - නැගෙනහිර සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කරන බවයි අද (03) යාපනයේදී පැවති රැස්වීමකට එක්වෙමින් අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ.
උතුරටත් දකුණටත් පිළිගත හැකි සාධණිය වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත්තේ සිය කණ්ඩායම පමණක් බවයි මෙහිදී අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ අතර කිලිනොච්චියේ දී අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීමේ රැලියකට එක්වෙමින් අගමැතිවරයා කියා සිටියේ 2015 ජනවාරි මාසයේදී ගත් නිවැරදි තීරණය නිසා නිදහස, සාධාරණත්වය සහ සංවර්ධනය මුළු රට පුරාම පැතුරුණු බවයි. ඒ නිසා පිඩාවට පත්ව තිබු උතුරු - නැගෙනහිර ප්‍රදේශයන්ට මේ හේතුවෙන් විශාල සෙතක් සැලසුණු බවයි.
යුද්ධයෙන් අගතියට පත්වූ උතුරු - නැගෙනහිර ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කෙරුණු බවත්,
ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමෙන් රටපුරා නිදහස් පරිසරයක් නිර්මාණය කළ අතරම අතුරුදන්වූවන්ගේ කාර්යාලය සහ හානිපූර්ණ කාර්යාලය පිහිටුවීමෙන් යුද්ධයෙන් හානි වූ සියලූම ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.
මේ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගොස් නිදහසල සංවර්ධනය හා සාධාරණත්වය තහවුරු කර ගන්නවා ද එසේ නැතිනම් යළි රාජපක්ෂලා බලයට ගෙනැවිත් දිනූ නිදහස අහිමි කරගනිමින් පීඩාවෙන් පීඩාවට පත් වෙනවා ද යන්න තීරණය කිරීමේ අවස්ථාව නොවැම්බර් 16 වැනිදා ලැබී ඇති බව පෙන්වාදුන් අගමැතිවරයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස බලයට ගෙනැවිත් අනාගතය සරුසාර කර ගන්නා ලෙස ජනතාවට කියා සිටියා.
(Neth)