Tuesday, July 08, 2025
Follow Us
TNA තීරණාත්මක සාකච්ඡාවක

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අතර සාකච්ඡාවක් මේ වනවිට වවුනියාවේදී පැවැත්වෙයි.

ඒ,ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි.

මෙම සාකච්ඡාවේදී එළැඹෙන ජනාධිපතිවරණයේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

දෙමළ මහජන පෙරමුණ, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය , ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සහ ඊ පී ආර් එල් එෆ් , යන පක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීමට එකඟතාවකට පැමිණ ඇත.

යෝජනා 13කින් යුතු යෝජනාවලියක් ප්‍රධාන දේශපාලන පක්ෂ අපේක්ෂකයින් වෙත මෙම පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලැබුවේය.

කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදි තම සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වෙනුවෙන් ආරම්භ කර ඇති සාකච්ඡාව මේ වනවිටත් පැවැත්වෙයි.

(Lanka Leads)