Tuesday, July 08, 2025
Follow Us
දෙමළ පක්‍ෂ කිහිපයක යෝජනා ප්‍රතික්‍ෂේප කළ හේතුව ගෝඨාභය හෙළි කරයි

රටට අහිතකර කිසිදු යෝජනාවලියකට තමන් එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. අලව්ව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු කියාසිටියේ අන්තවාදී දෙමළ පක්‍ෂවල ඉල්ලීම් පිළිගැනීමට තමන් සූදානම් නොමැති බවයි.

" අපේ ස්වෛරි රට ඒකීය රට කිසිදු විටක කඩන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසයි දෙමළ අන්තවාදී පක්ෂ විවිධ ඉල්ලීම් කළාට අපිට ඒවා පිළිගන්න බැහැ. ඒ නිසයි ඉදිරිපත් කළ යෝජනාවලිය අපි විසින් ප්‍රතික්ෂේප කලේ. විදේශීය බලපෑම් වලට යටවෙන රණවිරුවන්ට සහ අප කළ මානුෂිය මෙහෙයුමට විරුද්ධ රාජ්‍ය නොවන සංවිධාන වල බලපෑම් වලට යටවුනු ඇමති මණ්ඩලයක් තියෙන මේ රජයට ජාතික ආරක්ෂාව වගේම රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන කිසිම වගකීමක් තිබුනේ නැහැ. ඒ නිසයි අපි බලයට ආවම රටේ රණවිරුවන්ගේ ආරක්ෂාව සහතික කරලා ඔවුන්ට රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්න පුළුවන් තැනට ගෙන එන්න කටයුතු කරන බවට" මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ.

(Neth)