තමාට ඡන්දය දෙන පුද්ගලයන්ගේ දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන ලෙස පවසන්නැයි සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලීමක් ලැබී ඇති බවත්, ඒ පිළිබඳ තීරණය නොවැම්බර් 2 ප්‍රකාශයට පත්කරන බවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර ඇත.
ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ ඔක්තෝම්බර් 28 වැනිදා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් ආයතනයේදී එළිදැක්වූ අවස්ථාවේදීය. තම අනුගාමිකයන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල ඇති කරුණු සමග සංසන්දනය කොට වඩා ගැලපෙන ප්‍රතිපත්ති ඇති අපේක්ෂකයාට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ඔහු එහිදී පවසා ඇත.
අනිද්දා