Tuesday, January 27, 2026
Follow Us
විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත ගැන තීන්දුව

විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී ඇති පරිදි සංශෝධනය කළ යුතු බවත් එම තීන්දුවේ සඳහන්ය.

එමෙන්ම එහි ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායකවරයා මෙහිදී පැවසීය.