Tuesday, February 17, 2026
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අද අත්සන් තැබේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහාවන ගිවිසුමට අස්සන් තැබීම අද(31) සිදුකරයි.

අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැත්වෙන මෙම ගිවිසුම අස්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එම දේශපාලන පක්ෂවල නායකයින් සහභාගිවීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ 15ක් මෙම ගිවිසුමට අස්සන් තැබීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන ඉදිරි මැතිවරණවලදී මෙම සන්ධානය පුටුව ලකුණ යටතේ තරග වැදීමට නියමිත බවද වාර්තා වෙයි.

(Lanka Leads)